රූඩි - Sinhala Rudi
කජු කන්නා වගේ - ඉතා පහසු
ගිනිබත් වුණා - විනාශ වුණාකළුකඩකාරයා - අයුතු ලාභ ලබන්නා
හුඹස් බිය - පුහු බිය
ගල් පැලෙන බොරු - පිළිගැනීමට අපහසු පුවත්
මොර සූරන වැස්ස - ඉතා තදින් වහින වැස්ස
රජ ගෙදර පරවියා - සැප සම්පත් විඳින්නා
සිකුරට ම - ස්ථිර ලෙස ම
බහින කලාව - පිරිහෙන කාලය
මූණෙ දැලි ගෑවා - නින්දාවට පත් කිරීම
ගොළුබෙලි ගමන - ඉතා හෙමිහිට යන ගමන
කිඹුල් කඳුළු හෙළීම - බොරුවට හක්ෂනවා
ආ පයින් යනවා - ආ ගමන් ම ආපසු යෑම
ළිඳේ ඉන්න ගෙම්බා - බාහිර ලෝකය ගැන කිසිවක් නොදන්නා
රුසියා - දක්ෂයා
ඉහේ මලක් පිපුණා - ඉතා සතුටට පත් වීම
අවලංගු කාසියක් සේ - කිසි ම වටිනාකමක් නැති
අස්සක් මුල්ලක් නෑර - සෑම තැනක ම
කිරි ගහට ඇන්නා වගේ- නිවැරදිව ම, ස්ථිර ලෙස ම
ඇඟේ මාළු නටනවා - දැඩි කෝපයට පත් වීම
හවුහරණක් නැති - කිසි ම පිහිටක් නැති
ඔළුව ඉදිමිලා - උඩඟුවීම
ගැටයට හසු වෙනවා - උපායට හසු වෙනවා
අකරතැබ්බය - කරදරය
අනූනවයෙන් බේරුණා - ඉතා අසීරුවෙන් ගැලවීම
සෙනසුරු ලබනවා - ඉතා අපහසු කාලයක් උදා වෙනවා
බේගල් අත අරිනවා - බොරු කියනවා
සිහින මාලිගා තනනවා - නොවන දේ ගැන සිතනවා
එලොව පොල් පෙනුණා - හදිසි කරදරයකට පත් වෙනවා
ඊ ගහක වේගයෙන් - ඉතා වේගයෙන්
පොත් ගුල්ලා - පොත් පත් කියවීමට ඉතා කැමැත්තක් දක්වන්නා
දෙහි කපනවා - බනිනවා
ගඟට ඉනි කපනවා - තේරුමක් නැති වැඩ කිරීම
කරල පැහිලා - කිසි අගහිඟයක් නැති, අතමිට සරු
උඩින් පල්ලෙන් - කිසිම සැලකිල්ලක් නැතිව
නරි අං සෙවීම - සොයන්නට අපහසු දෙයක් සොයා වෙහෙසීම
හණමිටි කාරයා - පැරණි මත දරන්නා
හෙම්බත් වුණා - ඉතා වෙහෙසට පත්වීම
කණ කොකා හැඬීම - කරදරවලින් පිරුණු කාලයක් උදා වීම.
මඩේ සිටවූ ඉන්න - ස්ථිර අදහසක සිටීමට නොහැකි
දිවෙන් දිව ගාගෙන - ඉතා මිතුරු බවින්
තිත්ත වීම - එපා වීම
හිණිපෙත්තට ම - ඉහළට ම
පදයක් හදනවා - අපහාසයට පත් කරන්න බොරු කතා සෑදීම
නයි පොළොන් වෛරය - ඉතා සතුරු
බක තපස් රැකීම - අනුන්ට පේන්න සිල්වත් වීම
ගොම්මන් වේලාව - අඳුර වැටීගෙන එන වේලාව
හඳ ඉල්ලා හැඬීම - නොලැබෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීම
අඹ යාළුවා - හොඳම මිතුරා
කඩිගුලක් වගේ - ඉතා කඩිසරව
කොළේ වහලා ගහනවා - ඇත්ත වසන් කිරීම
අත හිත දෙනවා - උදව් කරනවා
ඇඹලයා - යමකට ඇලී ගැලී සිටින
රුස්සන්නෙ නෑ - අකමැති
නහින දෙහින කාලෙ - ජීවිතේ අවසන් කාලෙ
යටි මඩි ගහනවා - මුදල් වංචා කිරීම
පිං ගොනා - කිසිම වැඩක් නොකර සිටින්නා
කිරි ඉතිරිලා - ඉතා සාරවත්
පාළු පැල් රැකීම - නිශ්ඵල දේ කිරීම
ඉර හඳ වගේ - ස්ථීරයි
කන් කෙඳිරි ගානවා - යමක් කරන්නට අදි මදි කරනවා
ජූලි හතයි - මහා විපතක්
ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර - කිසිවක් අත් නොහැර
වැට උඩ සිටීම - එක තීරණයකට එළඹ නොගෙන සිටීම
කඩිමුඩියේ - කලබලයෙන්
කන්දොස්කිරියාව - හිරිහැරය
සිකුරට ම - නිසැකව ම
ආවාට ගියාට - නොසැලකිලිමත්ව
කුකුළා අතින් ගෙන - උදේ රැයින් ම
අර අඳිනවා - සූදානම් වෙනවා
තොරතෝංචියක් නැතිව - නොකඩවා
අන්දුන් කුන්දුන් වුණා - පුදුම වුණා
වග තුග සොයනවා - අඩුපාඩු සොයනවා
ඇඟිලි ගනිමින් ඉන්නවා - නොඉවසිල්ලෙන්
හරි බරි ගැහෙනවා - ලෑස්ති වෙනවා
දිව ගිලෙන්න ගියා - අධික පිපාසයෙන් සිටීම
දිනන පිලට හෝයියා කීම - දිනන පැත්තට එකතු වීම
පැදුරට නාකි වෙනවා - නිකරුනේ වයසට යෑම
ලුණු නැති හොද්ද වගේ- යමක් අසම්පූර්ණ වීම
අලියා වගේ - ඉතා මහත (ස්ථුල)
හොර ගල් අහුලනවා - අවස්ථාව ලැබෙන තුරු මග බලා සිටීම
Comments
Post a Comment